මිලාදුන් – නබි දිනය අදයි - ජනපතිගෙන් පණිවුඩයක් !
Thursday, 28 September 2023 - 9:29 | Views - 543
ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අද (28)ට යෙදී තිබෙනවා.

එම දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පණිවිඩයක් නිකුත් කර තිබෙන අතර ඉන් කියැවෙන්නේ ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායකතුමා ස්වකීය ජීවිතය පුරා සුරැකි ගුණාංග වූ අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය එතුමාගේ ජන්ම දිනය සැමරෙන මෙම අවස්ථාවේ අප ජීවිතවලට ද පරමාදර්ශයක් කරගත යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිලාදුන් නබි දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩය මෙසේයි;

"ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මුහම්මද් නබි නායකතුමාගේ උපත යෙදෙන මිලාදුන් – නබි උත්සවය සමරන ශ්‍රී ලාංකික ඉස්ලාමීය ජනතාවට මෙන්ම ලෝකවාසී සියලු ඉස්ලාමීය ජනතාවට මාගේ සුබපැතුම් පිරිනමමි.

සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

එකල සමාජය තුළ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ විය. විශ්වාසය සහ මිනිසත් බව වෙනුවෙන් කළ අසීමිත කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස එතුමා ප්‍රාර්ථනා කළ විජයග්‍රහණය උදා කර ගැනීමට හැකි විය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග වූ අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබි නායකතුමාගේ ජන්ම දිනය සැමරෙන මෙම අවස්ථාවේ අප ජීවිතවලට ද පරමාදර්ශයක් කර ගත යුතුය. එසේම එතුමාගේ දර්ශනය තවදුරටත් සමාජගත කර සහජීවනය ඇති කිරීමට කැපවීම එතුමාට සිදු කළ හැකි ඉහළම ගෞරවය බව මම විශ්වාස කරමි.

නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි මෙම උතුම් දිනයේ මම සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටිමි."

ප්‍රීතිමත් මිලාදුන් – නබි දිනයක් වේවා ! 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top