''හෙළ සිරිතට දෑඟිලි බැඳෙන පෝරුව යටින් මතු වූ දෙයින්.... සියල්ල පුදුම වෙලා '' අම්මෝ.,
බොල්ගොඩ ගඟට යාබදව බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයක් මගින් රහසිගතව බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය මුදාහැර ඇතැයි අංශ කිහිපයක් මගින් සිදුකළ පරීක්ෂාවකදී අනාවරණය කරගෙන තිබෙනවා.
අදාළ ගලි වළ සොයාගැනුණේ හෝටලයේ උත්සව ශාලාවේ මංගල පෝරුවට යටින් ඉදිකර තිබියදී.
බණ්ඩාරගම බොල්ගොඩ ගඟට යාබදව පවත්වාගෙන යන එම හෝටලය මඟින් බොල්ගොඩ ගඟට මළ අපද්‍රව්‍ය බැහැර කරන බවට ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම චෝදනා කර තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් එහි ගොස් තිබුණා.
එහිදී අදාළ නිලධාරින් හෝටලයේ උත්සව ශාලාවේ මංගල පෝරුව ස්ථානගතකර තිබූ තැනින් එය ඉවත්කිරීමේදී ටයිල් අතුරා ආවරණය කර තිබූ රහසිගත ගලිවළ හමුවී තිබෙනවා.
අදාළ ගලි වළෙහි සිට නල මාර්ගයක් මගින් මළ අපද්‍රව්‍ය ගඟට බැහැර කර ඇතැයි එහිදී සිදුකළ වැඩිදුර පරීක්ෂාකිරීම් වලදී තහවුරුකර ඇති අතර හෝටලය සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු හෙට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.