පාසල් පෙළපොත් බෙදා හැරීමේ සුදානම..
Sunday, 24 September 2023 - 12:48 | Views - 1,014
ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබෙනවා.

සීමිත පිරිසකට පමණක් නිල ඇඳුම් ලබා දෙන බව පවසමින් විවිධ පිරිස් විසින් කරනු ලබන චෝදනා හා අසත්‍ය ප්‍රචාර තමන් ප්‍රතික්ෂේප කරන බවයි මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ.

2024 වර්ෂයේ දී පාසල් නිල ඇඳුම් හා දිවා ආහාර ද නිසි කලට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන වර්ෂාවසානය වන විට සියලු‍ විෂය නිර්දේශ ආවරණය කර මගහැරුණු අධ්‍යයන කටයුතු සියල්ල යථා තත්වයට පත් කිරීම මෙම භෞතික පහසුකම් සැපයීමේ අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එසේ ම පෙර වර්ෂයට සාපේක්ෂ ව අඩු වියදමකින් මෙන් ම කල්වේලා ඇති ව පෙළ පොත් මුද්‍රණය කිරීමට මෙවර හැකියාව ලැබී තිබෙන බවත් එමගින් රුපියල් මිලියන 4,000ක් රජයට ඉතිරි කර දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top