නොසිතූ මොහොතක Flashback සංගීත කණ්ඩායමට හදිසි අනතුරක්, ඉක්මන් සුව ලැබේවා..! (Video)
Sunday, 24 September 2023 - 11:30 | Views - 896
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක්...
රටක් හඳුනන ආදරය කරන සංගීත කණ්ඩායමක් වන flashback ,ප්‍රසංගයක් අරතුර අනතුරකට ලක්ව තිබෙනවා....
ඒ ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී බවයි වාර්තා වෙන්නේ...
කවුරුත් නොසිතූ මොහොතක නොසිතූ ලෙස LED තිරයක් වේදිකාව මතට කඩා වැටී තිබුණා...
එම අනතුරෙන් සංගීත කණ්ඩායමේ කිසිවෙකුට බරපතල හානියක් සිදුවී නැති බව flashback නායක රොෂාන් ප්‍රනාන්දු හිරු අප වෙත පැවසුවා.
කෙසේ වෙතත්, ගායන ශිල්පිනි රයිනි චාරුකා ද වේදිකාවේ ඒ මොහොතේ ගීත ගයමින් සිට ඇති අතර, ප්‍රසංගය නැරඹූ අයෙකුගේ ජංගම දුරකතනයක මෙම අවස්තාව පටිගත වී තිබුණේ මෙහෙමයි.
Share This Article