කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
Saturday, 23 September 2023 - 16:15 | Views - 485
2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ (22) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ආරම්භ කර තිබෙනවා.
මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 24වන වරටයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පවත්වා ඇති අතර, මේ සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස අමෙරිකානු කොන්ග්රස් පුස්තකාලාධිපති ජෝතිකා හාම්බි ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ පිරිසක් ද එක්ව සිටි බවද සඳහන්.
මේ අතර, ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය ආරම්භ කළ දරු දැරියන් ශිෂ්‍යත්ව අරමුදල යටතේ සිසු සිසුවියක් පස්දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම ද මෙහිදී අධ්‍යාපන ඇමැතිවරයා අතින් සිදු කෙරුණා.
කෙසේ වෙතත්, මෙම ප්‍රදර්ශනය ඔක්තෝබර් 01 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article