පාන් ගෙඩියක බීඩි කොටසක්..
Saturday, 23 September 2023 - 11:18 | Views - 575
මාතර, පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙඳසලකින් ගත් පාන් ගෙඩියක් තුළ බීඩි කොටයක් තිබී ඊයේ (22) හමු වී තිබෙනවා.
පඹුරණ ප්‍රදේශයේ කාන්තාවක් අදාළ වෙළෙඳසලින් ගත් පාන් ගෙඩියක් නිවෙසට ගෙනැවිත් ඇගේ දරුවාට කෑමට දුන් විට මෙම බීඩි කොටය හමු වුණ බවයි ඇය පවසා ඇත්තේ.
නැවත පාන් කෑම ප්‍රතික්ෂේප කළ මෙම කාන්තාව නැවත මෙවැනි දේවල් නොවීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ බව දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සෞඛ්‍ය අංශ විසින් සිදු කරනු ලබනවා.
Share This Article