සාමාන්‍ය පෙළ විභාගය කල් යයි !
Saturday, 23 September 2023 - 10:19 | Views - 917
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම මාස එකහමාරකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ හෝමාගම - පිටිපන ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
නොවැම්බර් මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.
ඒ අනුව, විභාගය පවත්වන නව දිනය ඉදිරි සතියේදී විභාග කොමසාරිස්වරයා විසින් නිවේදනය කරනු ඇති බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ.
Share This Article