දුම්රිය ගාස්තුව ඉහළ යන ලකුණු ?
Saturday, 23 September 2023 - 10:06 | Views - 484
දහනව දහසක පමණ දුම්රිය සේවකයන් පිරිසකට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බවත්, මහා භාණ්ඩාගාරය දැනුම් දීමත් සමඟ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීමෙන් අනතුරුව සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමටයි ප්‍රවාහන අමාත්‍යාංශය අවධානය යොමුකොට ඇත්තේ.

රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදී අමාත්‍යාංශ බලධාරීන් යෝජනා කොට ඇති බවත් වාර්තා වෙනවා.

දුම්රිය අධිකාරියක් කිරීමේ රජයේ උත්සාහයත් සමග ඉන්දීය ප්‍රධාන පෙළේ සමාගම් නියෝජිතයන් දුම්රිය ආයෝජන සඳහා කැමැත්ත පළ කර ඇති අතර ඒ සඳහා සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ඉන්දීය මැදිරි හා එන්ජින් ගෙන්වීමට යෝජනා ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top