සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට.. වාහන වලට පමණක් තිත..
Saturday, 23 September 2023 - 9:00 | Views - 494
දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරනවා.
මේ අතර ලබන දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කරන භාණ්ඩ මාර්ගගත ක්‍රමයට වෙන්දේසි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.
ඔහු මේ බව සඳහන් කළේ ඔරුගොඩවත්ත ආර්. ටී. සී රේගු පර්යන්තයේ ඊයේ (22) නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්.
අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ විදේශීය මත්පැන් බෝතල් 18,765ක් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.
එමගින් රුපියල් කෝටි 14 ක් බදු ආදායමක් රජයට අහිමිවී ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේදී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියකදී තරගකාරී මිලකට ලබා ගැනීම සඳහා වෙන්දේසියේ විකිණීමට නියමිතයි.
Share This Article