සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට.. වාහන වලට පමණක් තිත..
Saturday, 23 September 2023 - 9:00 | Views - 495
දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරනවා.

මේ අතර ලබන දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කරන භාණ්ඩ මාර්ගගත ක්‍රමයට වෙන්දේසි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ඔරුගොඩවත්ත ආර්. ටී. සී රේගු පර්යන්තයේ ඊයේ (22) නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින්.

අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ විදේශීය මත්පැන් බෝතල් 18,765ක් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

එමගින් රුපියල් කෝටි 14 ක් බදු ආදායමක් රජයට අහිමිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේදී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියකදී තරගකාරී මිලකට ලබා ගැනීම සඳහා වෙන්දේසියේ විකිණීමට නියමිතයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top