නැවතත් Lockdown ද? මොකද්ද මේ '' Nipah '' ?
Thursday, 21 September 2023 - 14:39 | Views - 1,155
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, වවුලන්ගෙන් බෝවන Nipah වෛරසය පුද්ගලයන් හය දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය සතිය තුළ සෞඛ්‍ය සේවකයින් ඇතුළු 700 කට වැඩි පිරිසක් ආසාදනය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර ප්‍රාන්ත බලධාරීන් සමහර පාසල්, කාර්යාල සහ පොදු ප්‍රවාහන ජාල වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Nipah පැතිරීම වසර පහක් තුළ කේරළයට බලපෑ සිව්වැනි අවස්ථාව මෙයයි.

එමෙන් ම Nipah වෛරසය ව්‍යාප්තිය අනුව 40% සහ 75% අතර මරණ අනුපාතයක් ඇති බව ඩකාහි බංග්ලාදේශයේ පාචන රෝග පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වවුලන්ගෙන් බෝවන රෝග කාරක පිළිබඳ විශේෂඥ පශු වෛද්‍යවරයෙකු වන Rajib Ausraful Islam පවසනවා.

වෛරස් උණ, වමනය, ශ්වසන ආබාධ සහ මොළයේ දැවිල්ල ඇති විය හැකි අතර1998 දී මැලේසියාවේ ඌරු ගොවීන් අතර පැතිර ගිය නිපා වෛරසය ප්‍රථම වරට අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම කේරල ප්‍රාන්ත වැසියන් හට මුඛ ආවරණ පළඳින ලෙසද දැනුම්දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති වුවත් මෙය ගෝලීය හදිසි තත්ත්වයක් කරා වර්ධනය නොවනු ඇති බව‍යි බලධාරීන් ප්‍රකාශකර සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top