නැවතත් Lockdown ද? මොකද්ද මේ '' Nipah '' ?
Thursday, 21 September 2023 - 14:39 | Views - 1,156

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, වවුලන්ගෙන් බෝවන Nipah වෛරසය පුද්ගලයන් හය දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය සතිය තුළ සෞඛ්‍ය සේවකයින් ඇතුළු 700 කට වැඩි පිරිසක් ආසාදනය සඳහා පරීක්ෂාවට ලක් කර ඇති අතර ප්‍රාන්ත බලධාරීන් සමහර පාසල්, කාර්යාල සහ පොදු ප්‍රවාහන ජාල වසා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
Nipah පැතිරීම වසර පහක් තුළ කේරළයට බලපෑ සිව්වැනි අවස්ථාව මෙයයි.
එමෙන් ම Nipah වෛරසය ව්‍යාප්තිය අනුව 40% සහ 75% අතර මරණ අනුපාතයක් ඇති බව ඩකාහි බංග්ලාදේශයේ පාචන රෝග පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වවුලන්ගෙන් බෝවන රෝග කාරක පිළිබඳ විශේෂඥ පශු වෛද්‍යවරයෙකු වන Rajib Ausraful Islam පවසනවා.
වෛරස් උණ, වමනය, ශ්වසන ආබාධ සහ මොළයේ දැවිල්ල ඇති විය හැකි අතර1998 දී මැලේසියාවේ ඌරු ගොවීන් අතර පැතිර ගිය නිපා වෛරසය ප්‍රථම වරට අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම කේරල ප්‍රාන්ත වැසියන් හට මුඛ ආවරණ පළඳින ලෙසද දැනුම්දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම වෛරසය සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැති වුවත් මෙය ගෝලීය හදිසි තත්ත්වයක් කරා වර්ධනය නොවනු ඇති බවයි බලධාරීන් ප්‍රකාශකර සිටින්නේ.
Share This Article