වයස වැඩි අය, ජපානයට වැඩි ද? නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ..
Thursday, 21 September 2023 - 11:02 | Views - 354
ඉතිහාසයේ පළමු වරට ජපාන වැසියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අවුරුදු 80 හෝ  ඊට වැඩි බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ජාතික දත්ත වාර්තාවන් උපුටා දක්වමින් වි‍දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන 125ක් වූ ජපාන ජනගහනයෙන් 29.1% වයස අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින් බවයි.

ජපානය සැලකෙන්නේ, ලොව අඩුම උපත් අගයක් සහිත රටවල් අතරින් එකක් ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ ජනතාව රටක වැඩිහිටි ජනගහනය ලෙස සැලකෙන අතර ඒ අනුව ජපානය ලොව වැඩිහිටි ජනගහනය වැඩිම රට ලෙස සැලකේ.

24.5%ක වැඩිහිටි ජනහනයක් සිටින ඉතාලිය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර 23.6% ක ජනගහනයක් වාර්තාවන ෆින්ලන්තය ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ.

ජනගහන සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික පර්යේෂණායතනයට අනුව 2040 වනවිට ජපාන ජනගහනයෙන් 34.8% ක් වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි ජනගහනය වන බවට ගණන් බලා ඇත.

එරට ජාතික ශ්‍රම බලකායෙන් 13% ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනහනය විසින් නියෝජනය කරනු ලබයි.

ජපානයේ අසල්වැසි රටවල් ඇතුළු බොහෝ රටවල උපත් අනුපාතිකය මන්දගාමී වන නමුත් ජපානයේ මෙය උග්‍ර තත්ත්වයක පවතී.

පසුගිය වසරේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව ජපානයේ උපත ලද ළඳරුවන් සංඛ්‍යාව 800,000 කට වඩා අඩු වන අතර මෙය සැලකෙන්නේ , 19 වන සියවසේ වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාවක් ලෙසයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top