රට පුරා විදේශ රැකියා ජාවාරම්.. කල්පනාකාරී වන්නැයි ජනතාවට උපදෙස්
Thursday, 21 September 2023 - 9:48 | Views - 449

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවන් ඩුබායි රාජ්‍ය වෙත යවා ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවු කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ගයානි චතුරිකා නමැති මෙම කාන්තාව පසුගිය ජූනි මස 8 වැනිදා කුරුණෑගල අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබුණා.
එම නියෝජිත ආයතනය ඇයට පවසා තිබුණේ එරට පිහිටි සිය නියෝජිත කාර්යාලයක ලේකම් තනතුරක් ඇයට ලබාදෙන බවටයි.
එම ආයතනය විසින් වංචනික ලෙස ඇය ඩුබායි රාජ්‍ය වෙත යවා තිබුණේ ද සංචාරක වීසා මතයි.
කෙසේ වෙතත්, එරටට ගිය මෙම කාන්තාව හිරු ප්රවෘත්ති සමඟ සදහන් කළේ ලේකම් ධූරයක් ලබා දෙන බව පැවසුවද තමන්ට සිදු වූයේ විවිධ හිරි හැර පීඩාවලට ලක්වීමට බවයි.
ඩුබායි සේවයට ගොස් අසරණව සිටින කාන්තාවන් එම හිරිහැර හමුවේ සිටි ස්ථානයෙන් පළා ගොස් මේ විට එරට වෙනත් ස්ථානයක රැඳි සිටින බව සදහන් වෙනවා.
ඇය මෙරට ගෙන්වා දෙනට ලෙස ඇගේ මව්පියන් විදේශ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්නද ඔවුන් ඒ් සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඉල්ලු බවද ඇගේ මව්පියන් පැවසුවා.
මේ අතර, විශ්‍රාමික යුද හමුදා සෙබළියක් සංචාර වීසා මත ඩුබායි රාජ්‍ය වෙත යවා ගණිකා වෘත්තිය සඳහා යොමු කිරීමට උත්සහ කළ කාන්තාවක් පුද්ගල වෙළදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුරයේ පදිංචි කාන්තාවක් පසුගිය වසරේ ජූනි මාසයේදි එලෙස වංචනික ලෙස ඩුබායි රාජ්‍ය වෙත යවා තිබු අතර, එහිදි අවස්ථා දෙකකදීම ඇයව ගණිකා වෘත්තියෙ යෙදවීමට එරට නියෝජිතයින් උත්සහ ගෙන තිබුණා.
පසුව එම ස්ථානයෙන් පළ ආ එම කාන්තාව තමන් විදේශ ගත වු නියෝජිත ආයතනයට තවත් රුපියල් ලක්ෂ 4 ක මුදලක් ගෙවා මෙරටට පැමිණ ඒ් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ඇය විදේශ රැකියාව සඳහා යොමුකළ එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට ආරක්ෂ අංශ පියවර ගත්තා.
එප්පාවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඒලෙස අත්අඩංගුවට ගත් අතර, ඇය අද(20) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
එහිදි අධිකරණය නියෝග කළේ එම කාන්තාව රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
විදේශගමන් තහනමක් ද ඇයට පැනවු අතර, නඩුව ලබන ජනවාරි මස 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
මේ අතර පසුගිය 17 වැනිදා සීදූව ඳඩුගම් ඔයේ ඉවුරේ පාවෙමින් තිබූ ගමන් බෑගයකින් හමු වූ සිරුර හිමි පුද්ගලයා ද ඝාතනයට ලක්ව ඇත්තේ විදේශ රැකියා වංචාවක් මුල්කරනිමින් බවට මේ වන විට කරුණු අනාවරණ වි තිබෙනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කටාන ප්‍රදේශයේ අවනහල හිමිකරුවෙක්, ඔහුගේ පුතුන් දෙදෙනෙකු සහ එහි සේවකයෙක් ගෙන් කළ ප්රශ්නකිරීම්වලදි ඒ බව අනාවරණ වුණා.
පොලීසිය පැවසුවේ ඝාතනයට ලක් වූ එම පුද්ගලයා කටාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු රැකියා සඳහා ජපානයට යනව බව පවසමින් එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 24 ක් ලබාගෙන තිබු බවයි.
එහෙත් ඔහු එම තරුණයා විදේශ ගත කිරීමට පියවර ගෙන නොතිබු අතර, ලබාදුන් මුදල් ද නැවත ව්‍යාපාරිකයාට ලබා දි නොතිබුණු බවයි.
ඒ් අනුව පසුගිය 11 වැනිදා කොලඹ පාවෙන වෙළද සංකීර්ණය අසලදී අදාළ පුද්ගලයා පැහැරගෙන කටානේ පිහිටි පොල් ඉඩමකට රැගෙනවිත් ඔහුට පහරදී තිබුණා.
අනතුරුව ව්‍යාපාරිකයාට හිමි හෝටලයක කාමරයක හිර කර තබාගෙන පහරදී තිබෙන අතර ඒහිදි ඔහු ජීවිතක්ෂයට පත් වු බවත්, පසුව එම සිරුර ගමන් බෑගයක දමා දඬුගම් ඔයට දැමු බවත්, පහරදුන් පුද්ගලයින් පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
Share This Article