ධර්මපාලතුමාගේ 159 වන ජන්ම දින සැමරුම අදයි
Sunday, 17 September 2023 - 12:39 | Views - 120
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 159 වන ජන්ම දින සැමරුම අද (17)යි.
ඒ නිමිත්තෙන් ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10 ට මරදාන - මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා. එසේම ගම්පහ බස් නැවතුම්පළ ඉදිරිපිට ධර්මපාල පිළිරුව අසළ ද අද සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබුණේ ගම්පහ එකමුතුව සංවිධානය මගින්.
1864 වසරේ අද වැනි දිනක උපත ලද අනගාරික ධර්මපාලතුමන් මෙරට බෞද්ධ සහ සමාජ පුනරුදය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ අයෙක්. මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සහ ලොව පුරා බුදු දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් ධර්මපාලතුමන් දැඩි කැපවීම් සිදුකරනු ලැබුවා.
Share This Article