හන්තානට පායන සඳ අවසානයේ නැවතුනේ මෙතනයි.. පෙම්වතා වරදත් පිළිඅරන්..
හන්තානට පායන සඳ ගීතය නීතිඥවරයෙකු විවෘත අධිකරණයේ සිහිපත් කළ සිද්ධියක් ඊයේ (16) කුරුණෑගල මහාධිකරණයෙන් වාර්තා වුණා.
ඒ පෙම්වතෙකු විසින් සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමේ සිදුවීමකට අදාළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි.
මෙහිදී සැකකාර පෙම්වතාගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ අදාළ තරුණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පසු වෙනත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවයි.
එය හන්තානට පායන සඳ ගීතය සිහිපත් කරන බව ඔහු එහි පද උපුටා දක්වමින් සඳහන් කළා.
අදාළ තරුණයා වරද පිළිගන්නා බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
පසුව අධිකරණයෙන් සැකකාර තරුණයා ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුණේ.