'' දුහුල් ඇඳුමෙන් පෙනුණු දේවල් මාව හොල්මන් කරලා දැම්මා.. අම්මෝ, ඊට පස්සේ තමයි හොඳම ටික..''
Saturday, 16 September 2023 - 10:53 | Views - 441
හොල්මන් කියන්නේ හෙල්ලෙන මනසට කියනවා.

හැබැයි හොල්මන් කියන දේ අපි විශ්වාස කරන්න ඕනිද නැත්ද කියන එක අපේ ජීවිතේ වෙන සමහර සිද්ධි එක්ක ප්‍රශ්නාර්ථයක්ම වෙනවා.

මේ කියන කතාවත් ඒ වගේ.

මම බත්තරමුල්ලේ බෝඩිම් වෙලා ඉන්නේ.

ලඟකදි තමයි මම ඒ බෝඩිමට ආවේ.

උදේට වැඩට යනවා හවසය කාමරේට එනවා.

උඩ තට්ටුවක තනි කාමරයක් නිසා ඇත්තටම මම සරලව නිදහසේ ඒ කාමරයේ හිටියා.

මම වැඩ ඇරිලා දවසක නාලා කාමරය ඉස්සරහ බැල්කෙනි එක ලඟට වෙලා කෝල් එකක හිටියේ.

හරියටම රෑ 9.45ට වගේ වෙලා.

ඊට පහලින් තියෙනවා ටිකක් පාළුවට හුරු ඒත් ලයිට් දෙකක් වගේ ඒ ගෙදර වැටිලා තිබුනා.

මමත් ඒ තරම් ගානක් නැතිව කෝල් එකේ හිටියේ.

ටික වෙලාවකින් ඒ ගෙදර පිටි පස්ස පැත්තෙන් කෙල්ලෙක් ආවා.

නයිටියක් වගේ දුහුල් ඇඳුමක් ඇඳගෙන.

ඇවිල්ලා මගේ දිහා බලලා හිනා වෙලා ගියා.

මටත් එතරම් ඒක ගානක් උනේ නෑ.

ඔහොම දවස් දෙක තුනක් වුනා.

එකම වෙලාවට ඒ කෙල්ල එන්නේ.

මම දැන් පුරුද්දට වගේ ඒ කෙල්ල බලන්නම ඒ ටයිම් එකට බැල්කෙනියට එනවා.

එදා ඒ කෙල්ල ආවා...හැබැයි එදා ඒ ගෙදර එක ලයිට් එකයි තිබුනේ.

මෙන්න ඒ කෙල්ල මට අත වනනවා...එන්න කියලා කියන්නේ..හරියටම පෝය දවස්කට කිට්ටු නිසා එයාව හොඳට පේනවා.

එදත් වෙනදා වගේම නයිටියක් ඇඳගෙන හිටියේ.

හැබැයි වෙනදට වඩා එයාගේ ඇඟේ ලස්සන මම දැක්කා.

ඒත් මුහුනේ කිසිම හැඟීමක් පේන්නේ නැ.

කාටවත් හොරෙන් මට කතා කරනවා අතින්.

මමත් කොල්ලෙක් නිසා...ඒ වෙලාවේ හැටියට හැඟීමුත් ඇවිස්සෙන එක අහන්න දෙයක් නැහැනේ.

මමත් හිමීට පහලට බැහැලා ගියා...ගිහින් තාප්පෙන් පැන්නා..

ඒත් එතනට යද්දි කවුරුත් නැහැ.

ගේ ඇතුලින් සද්දයකුත් ආව නිසා මම ඉක්මනින් කාමරයට ආවා.

ඒත් ඒ කෙල්ල නෙවෙයි එලිය ආවේ.

පහු වෙනිදා මගේ වෙලාවටම බැල්කෙනියේ වනලා තිබුන මගෙ ශර්ට් එකක් ඒ පැත්තට වැටිලා.

මම ඉස්සරහින් ඒ ගෙදරට ගිහින් කතා කලා.

එලියට ආවේ ආච්චි කෙනෙක්.

ආච්චි මගේ ශර්ට් එකක් වැටිලා තිබුනා එහා පැත්තේ ඒක ගන්න ආවේ.

ආ එන්න පුතේ මම අරගෙන දෙන්නම්.

ඇවිල්ලා ඉඳගෙන ඉන්න.

මම එලියේ තිබුන පුටුවකින් ඉඳගත්තා.

එකවරම මගේ ඇස් ගියේ බිත්තියෙ ගහලා තිබුන ෆොටෝ එකකට.

දෙයියනේ මට අතවනපු ගෑණු ලමයා.

මට හීන් දාඩිය දාන්න පටන් ගත්තා.වචනත් පැටලෙනවා.

ආච්චි ශර්ට් එකත් අරන් ආවා.

මම ෆොටෝ එක පෙන්නලා ඇහුවා අර කව්ද කියලා.

ඒ මගේ මිණිබිරි පුතේ..නැති වෙලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා.

ඒ කෙල්ලව මරාගත්තා පුතේ...මට එච්චරයි මතක.

මම බෝඩිමට ආව විදිහවත් මතක නැහැ.

මට එදාම උන ගැනුනා.මට අත වැනුවේ හොල්මනක්ද?මම පුළුවන් ඉක්මනින් ඒ බෝඩිමෙන් ආවා.

හැබැයි එතනට ගිය තව කාට හරි ඒ ලමයා අත වනන්න ඇති. 




Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරක...
Hiru Tv Blog
කටරොළු කියන්නේ අපි හැමෝගෙන ගෙවල්වල නොවරදින...
Hiru Tv Blog
සමහර වෙලාවට  අපි මේ වගේ දේවල් ගැන ඒ තරම්...
Hiru Tv Blog
ඔබත් සමහරක් විට දැන හෝ නොදැන මේ රෝගයේ ගොදුරු...
Hiru Tv Blog
මේ 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ Head to Head Challenge වටයෙදී ඇහෙන තවත් දුක්බර කතාවක්. ලෝක රූ...
Hiru Tv Blog
ඇය කාගේත් හිත සොරා ගත්ත සරාගී තාරකාවක්..   පුංචි තිරය තුළත් රිදී තිරය තුළත්...
Hiru Tv Blog
අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර ..   ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය...
Hiru Tv Blog
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින AI තාක්ෂණයෙන්...
Hiru Tv Blog
    සිකුරු, සෙනසුරු සහ චන්ද්‍රයා ඉතා සමීපව දිස්වන දුර්ලභ දර්ශනයක් එළැඹෙන...
Hiru Tv Blog
ලෝකය දවසින් දවස අලුත් වෙනවා.. ඒ එක්කම නව සොයාගැනීම් ගැන අහන්නට දකින්නට ලැබෙනවා.....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top