දියණිය අපයෝජනය කරන්න මව ඉඩදීලා.. අනියම් ඇසුරකින් ඇසුණු දුක්බර කතාවක්..
Saturday, 16 September 2023 - 10:00 | Views - 427
අවුරුදු පහළොවක් වූ බාලවයස්කාර දැරියට ලිංගික අතවර කිරීම සඳහා අනියම් පුරුෂයාට ආධාර අනුබල දුන් දැරියගේ මව සහ දැරියට අතවර කළ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දහවල් සිට පරීක්ෂණ අරඹා ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසනවා.

මෙම දැරියගේ පියා පවුලෙන් වෙන්ව ඇත.

ලිංගික අතවරයට ලක්වූ බාල වයස්කාර දැරිය රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සහ දැරියගේ සහෝදරයා මව විසින් කරන ලද පැමිණිල්ලක් මත පෙරේදා (14දා) දිවුලපිටිය පොලිසියට කැඳවා තිබූ බව පොලිසිය කියයි.

දෙපාර්ශ්වයම පොලිසියට පැමිණ තිබූ අතර මවට පහර දීමට තැත් කිරීම සහ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන නිසි භාරකාරත්වයක් නොමැතිවීම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගෙන තිබේ.

නිසි භාරකාරත්වයක් සහ රැකවරණයක් නොමැතිව සිටි දැරිය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ඉල්ලා දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත එම දැරිය ඊයේ (15දා) ඉදිරිපත් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි.

එහිදී දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව පොලිසිය පවසයි. පසුව දැරිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මවගේ අනියම් සැමියා විසින් ඉකුත් ජුලි මාසයේ සිට නිවසේ කාමරයක් තුළදී වරින් වර ලිංගික අතවර කළ බවට දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

දැරියගේ මව කඩයක් පවත්වාගෙන යන බවත් දැරිය පාසල නිම වී මව සිටින ස්ථානයට යන බවත් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. පාසල නිම වී දැරිය මව සිටින කඩේට ගිය විට මවගේ යතුරුපැදිය ඇයගේ අනියම් සැමියාට ලබා දී දැරිය එම අනියම් සැමියා සමග නිවසට පිටත් කර යවන බවත් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා මවගේ අනියම් සැමියා දැරිය බියට පත් කර තර්ජනය කරමින් දැරියට ලිංගික අතවර කළ බවට දැරිය විසින් වැඩිදුරටත් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. දැරියගේ මව සහ අනියම් සැමියා පදිංචි නිවසින් අතුරුදන්ව ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පැවසීය.  



Share This Article
Hiru Tv Blog
මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න...
Hiru Tv Blog
ගුවන් මගින් නිපා වෛරස් අසාධිත පුද්ගලයින්...
Hiru Tv Blog
Tuesday, 26 September 2023 - 9:26
Hiru Tv Blog 274 Views
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී දිවයිනේ...
Hiru Tv Blog
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞඛ්‍ය විශේෂඥයින්ගේ...
Hiru Tv Blog
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට...
Hiru Tv Blog
කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු යුවතියක් තමයි ත්‍රිකලා ධරණි. අතිශය ජනප්‍රිය...
Hiru Tv Blog
විශ්මිත සජීවි නර්තන වික්‍රමය දිග්විජය කරන “Hiru StepUp - Grand Finale” අවසන් මහා සංග්‍රාමය...
Hiru Tv Blog
ටීනා  කියන්නෙ ඉතාමත් ජනප්‍රිය , ඒ වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි...
Hiru Tv Blog
සතා සීපාවා ගහකොළ, මිනිසා අතර නොසිඳෙන සබඳතාවක්‌ පවතී. මිනිසා ජීවත් වන්නේ ගහකොළ,...
Hiru Tv Blog
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න Adams Peak ලංකාවේ...
Hiru Tv Blog
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top