පශ්චාත් උපාධියක් ලබාගත් මෙරට වයස්ගතම කත..
96 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් පශ්චාත් උපාධි විභාගය ඉහළින් සමත් වී තිබෙනවා.
ඊයේ(14) ප්‍රතිඑල නිකුත් වු කැළණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය මෙලෙස සමත් වී ඇත්තේ නාවලපිටිය-පත්තුනුපිටිය ප්‍රද්ශයේ පදිංචි විතානගේ ලීලාවති ඇස්ලින් ධර්මරත්නයි.
මේ අනුව පශ්චාත් උපාධියක් හිමිකරගත් මෙරට වයස්ගතම කාන්තාව බවට ඇය පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
1927 වර්ෂයේ උපත ලැබු ලීලාවති ඇස්ලින් ධර්මරත්න පසුගිය වසරේ දෙසැම්බර් මස පවත්වන ලද බෞද්ධ අධ්‍යන ශාස්ත්‍රපති පාඨමාලාවේ අවසන් පරීක්ෂණයට පෙනී සිටියේ 2021 වසරේ ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා උපාධිය සම්බන්ධයෙන් වන ප්‍රාචීන, මධ්‍යම ,අවසන් යන විභාග සියල්ලටම එකවර මුහුණ දී එම විභාග ත්‍රිත්වයම ගෞරව සම්මාන සහිතව සමත්වෙමින්.
වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කර ඇති ඇය නොතාරිස්වරියක් ලෙසද සේවය කර තිබෙනවා.
එහි ප්‍රතිඵල භුක්ති විදින ලීලාවති ඇස්ලින් ධර්මරත්න මේ වන විට සමාජයට වැඩදායී උගත් දියණිවරුන් 06 දෙනෙකුගේ සහ මුණුබුරු මිණිබිරියන් 13න් දෙනෙකුගේ ආදරණිය මිත්තනියක් බවටද පත් වී තිබෙනවා.
ජීවන ගමනේ සියවන ලකුණ අභියස සිටින ඇගේ අරමුණ සිය දෙවන දියණිය මෙන් මහාචාර්යවරියක් බවට පත්වීමයි.
ඇය වැඩිදුරටත් පැවසුවේ ඇගේ අධ්‍යන කටයුතු නොකඩවා සිදු කරන බවයි.