හෙදියන්ට හා සුළු සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතනය තහනම් !
Thursday, 14 September 2023 - 11:16 | Views - 599
යාපනය ශීක්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත තහනම් කොට තිබෙනවා.

උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකීරීම නිසා බවට තොරතුරු හෙළි වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හෙදියට එරෙහිව සාක්කි දී ඇති බොහෝ රෝගීන් පවසා අත්තේ එම හෙදිය සිය ජංගම දුරකතනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බවත් රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවත්ය.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් යාපනය ශීක්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට පළමු පියවරක් වශයෙන් ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කොට ඇති අතර ඉතා ඉක්මනින් උතුරේ සියළුම රෝහල්වල හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලට රාජකාරී අවස්ථාවලදී ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කිරීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පියවර ගන්නා බවයි වාර්තා වන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top