විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට Online අයැදුම්පත් කැඳවයි..
Thursday, 14 September 2023 - 9:27 | Views - 718
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද (14 දා) සිට ඔක්තෝබර් පස්වැනිදා දක්වා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.
නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් හතළිස් පන්දහසක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
අයැදුම්පත් භාර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු මාස දෙකකින් පමණ නිකුත් කිරීමට නියමිත බවයි විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සඳහන් කොට සිටින්නේ.
කෙසේ වෙතත්, මාර්ගගත ක්‍රමයට පමණක් අයැදුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බවද සඳහන්.
Share This Article