පුතාට මාංචු දැම්මැයි - මවක් දිවියට තිත තබයි
Tuesday, 12 September 2023 - 11:41 | Views - 486
සිය පුතා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිත්තැවුලට පත් වූ මවක් සියදිවි හානි කරගෙන තිබෙන බව මහව පොලිසිය පවසනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 44 හැවිරිදි මහව කුලසැන්දෑව, කරඹේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවටයි වාර්තා වෙන්නේ.
සිය පුත්‍රයා පුද්ගලයන් තිදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මෙම මව සිත් තැවුලට පත්වී මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙන බවටයි අනාවරණය වෙන්නේ.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන මහව පොලිසිය විසින් සිදුකරන බව වැඩිදුරටත් සඳහන් වනවා.
Share This Article