දුම්රිය ප්‍රමාදයක්.. ? දුම්රියේ වහලය මත නැගී ගමන් කළ පුද්ගලයෙක් මරුට..
Update:
දුම්රිය සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 36ක් අවලංගුයි: දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (12) බොහෝ දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (11) කොළඹ දුම්රිය අංගණයේ සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර පසුව ඊයේ පස්වරුව වන විට වෘත්තීය සමිති ක්රියාකාරිකයන් පිරිසක් බලධාරීන් හමු වී කරන ලද සාකච්ඡා සාර්ථක වීමෙන් පසු එම වැඩ වර්ජනය අත්හිටුවීමට ඔවුන් තීරණය කරනු ලැබුවා.
පසුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ විවිධ කාරණා මුල් කර ගනිමින්.
මේ නිසා අද දින බොහෝ දුම්රිය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකයි.
වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා.