දුම්රිය ප්‍රමාදයක්.. ? දුම්රියේ වහලය මත නැගී ගමන් කළ පුද්ගලයෙක් මරුට..
Tuesday, 12 September 2023 - 9:10 | Views - 673
Update: 

දුම්රිය සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 36ක් අවලංගුයි: දුම්රිය දෙපාර්තමේන්තුව


දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් විසින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (12) බොහෝ දුම්රිය ප්‍රමාද වීමට හෝ අවලංගු වීමට ඉඩ ඇති බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (11) කොළඹ දුම්රිය අංගණයේ සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර පසුව ඊයේ පස්වරුව වන විට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් පිරිසක් බලධාරීන් හමු වී කරන ලද සාකච්ඡා සාර්ථක වීමෙන් පසු එම වැඩ වර්ජනය අත්හිටුවීමට ඔවුන් තීරණය කරනු ලැබුවා.

පසුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ විවිධ කාරණා මුල් කර ගනිමින්.

මේ නිසා අද දින බොහෝ දුම්රිය ප්‍රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකයි.

වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top