"ආ එන්න එන්න...කූ කූ කූ...අපි ගෙදර යන් මගේ පුතේ" අන්තිමේ සිද්ධිය වටහා ගත්තේ, අමුතු ශබ්දයෙන්..
බීමත්කම නිසා සිදුවුණ ඇබැද්දියක්.සිහිනැති වෙන්නම මත්පැන් බීලා පාරෙවත් යන්න හොඳ නැහැ කියන්නේ මේ නිසා.
මේ දෙන්නා යාලුවො දෙන්නෙක්.පස්සර පදිංචි මේ යාලුවෝ දෙන්නා දවසක් සෙට් වෙන්නේ මත්පැන් පානය සඳහායි.
කොහොම හරි මධ්‍ය පමාව ඉක්මවා ගිය මේ මිතුරන් දෙදෙනා නිවස බලා යන්න ත්‍රීවීල් රථයකට අත දමා එහි නැග ගන්නේ නැත්නම් පාරේම නිදාගන්නට වෙන නිසයි.
ත්‍රීවීලරයට නැගගත් මේ දෙදෙනා ටික දුරක් එද්දී පාර අයිනක බලු පැටියෙක් ඉන්නවා දැකලා වීල් රථය නවතන්නේ බලු පැටියා රාත්‍රී කාලයේ මෙහි දමා යන්නට හොඳ නැති නිසා වෙන්."ආ එන්න එන්න...කූ කූ කූ...අපි ගෙදර යන් මගේ පුතේ"ආදරය වෑහෙමින් තිබූ මොහොතක බලු පැටියාද රැගෙන නිවස බලා නැවතත් මිතුරන් දෙදෙනා පිටත් වීමට පටන් ගත්තා.එක යහළුවෙක් ගෙදර ඒ පැටියාව රැගෙන නිවස බලා යන්නේ.."මූව හොඳට ඇති කරන්න ඕනි යැයි සිතමින්.පහු වෙනිදට එලිය වැටුනා.බලු පැටියා ඉන්නවා හැබැයි කෑ ගහන විදිහේ වෙනසක් ඔහුට දැනුනා."පොඩි එකෙක් හින්දා වෙන්න ඇති"ඒත අහල පහල අයටත් මේ සතාගේ කෑගැසිල්ල අමුතු ශබ්දයක් නිසාම හොයලා බැලුවාම මේ දෙවියනෙ බල්ලෙක් වගේ ඉඳපු නරි පැටියෙක්නේ.කාරිය වටහා ගත් ඔවුන් නරි පැටියා පරිස්සමට කැලයට ගොස් දමා තිබුනා.
