අලි ඇතුන්ට ජාතික හැඳුනුම්පතක්..
වියට්නාමය අලි ඇතුන්ට ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.
වියට්නාමයේ Cat Tien ජාතික වනෝද්‍යානය ඇතුළත් වන සංරක්ෂණ ප්‍රදේශයක් වන Dong Nai Biosphere Reserve හි වෙසෙන වන අලි සම්බන්ධයෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
වන අලින්ගේ නාමාවලියක් නිර්මාණය කිරීම සඳහා නව්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.