අද්භූත බලවේගයකට බිය වී දැරියක් සිය දිවියට තිත තියලා
Saturday, 09 September 2023 - 15:10 | Views - 360
අද්භූත බලවේගයක් සම්බන්ධයෙන් ඇතිවූ බියක් හේතුවෙන් මානසික ව්‍යාකූලත්වයට පත් වූ දොළොස් හැවිරිදි දැරියක් පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව පෑලියගොඩ පොලිසිය පවසනවා.
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ කැලණිය හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පාසල් සිසුවියක බව යි පොලීසිය වැඩිදුරටත් අනාවරණය කළේ.
මෙම දැරිය සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා ඇති අතර එහි ඇය පත්ව ඇති අපහසුතාව සහ පවුලේ විස්තර සියලුම දෑ සටහන් කර තිබෙන බව පොලිසිය පවසනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
Share This Article