ලෝක ප්රථමාධාර දිනය අදට යෙදී තිබෙනවා.
ලෝක ප්රථමාධාර දිනය යනු ජීවිත ගළවා ගැනීමේදී ප්රථමාධාරයේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් මස දෙවන සෙනසුරාදාට සැමරෙන ගෝලීය උත්සවයක්.
මෙවර එහි තේමාව වන්නේ ඩිජිටල් ලෝකයේ ප්රථමාධාර යන්නයි.
මූලික ප්රථමාධාර සම්බන්ධයෙන් දැනුවත්වීමේ වැදගත්කම සහ හදිසි අවස්ථාවලදී ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීමට ලොව පුරා විවිධ සංවිධාන අද දිනයේ විවිධ වැඩසටහන් දියත් කරනවා.