තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්..
දූෂණ විරෝධී පනත මේ මස 15 වනදා සිට බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර හා කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසිනුයි ඊයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ.
එමෙන්ම අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇති අතර එයද මේ මස 15 වනදා සිට බලාත්මකයි.