සුව ඇමතිගේ විශ්වාසභංගයට මොකද වෙන්නේ ... අලුත්ම තීරණ රැසක් ගැන හෙළිදරව්වක්..
Friday, 08 September 2023 - 11:24 | Views - 312
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද(08) පැවැත්වෙනවා.

පසුගිය දෙදින තුළ එය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර අද පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පස්වරු 5ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ අතර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ විපක්ෂයේ සියලු කණ්ඩායම් ඊට සහය ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති බවයි.

මේ අතර විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කළා.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ පොදු එකඟතාවකට එළඹිමට පත්ව නොමැති බවයි.

ආණ්ඩුවට සහය දෙන පිරිස් බොහෝ දුරට පක්ෂව ඡන්දය ලබා දීමට ඉඩ ඇති බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණද විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට අදාළ සිය ස්ථාවරය මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැති බවයි සඳහන් වන්නේ.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top