මුහුණු පොතෙන් සොයාගත්, හොරා පොලිස් ප්‍රේමවන්තයාට වැඩ වැරදුණේ මෙහෙමයි..
Thursday, 07 September 2023 - 15:52 | Views - 433
තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න පොලිස් නිල ඇඳුමත් සෙල්ලමට ගත් අපරාධකරුවෙක් ගැන වාර්තා වෙනවා..

මොහු මෙලෙස තමගේ ඕනෑ එපාකම්වලට කාන්තාවකුත් සෙල්ලමට අරගෙන...

ඇය සම්බාහන මධ්‍යස්ථානයක සේවිකාවක්....

මෙය වාර්තා වෙන්නේ මොරොන්තුඩුව ප්‍රදේශයෙන්....

තමන් පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා බව පවසමින් කාන්තාවක් අපයෝජනයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑ
මෙම පුද්ගලයා මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

මෙලෙස ඔහු අතින් අපයෝජනයට ලක්වූ කාන්තාව සම්භාහන මධ්‍යස්ථානයක රැකියාව කරන අතර මුහුණු පොත හරහා මෙම පුද්ගලයා හඳුනාගෙන තිබෙන බව‍යි ඇය පොලීසිය පවසා ඇත්තේ....

මොරොන්තුඩුව ප්‍රදේශයේ කාමර කුලියට ලබා දෙන ස්ථානයකට පැමිණීමෙන් අනතුරුව මෙම සැකකරු විසින් තමා පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති බව පවසා රාජකාරි හැඳුනුම්පතක් ද පෙන්වා තිබෙන බව ඇය පවසනවා....

අනතුරුව ඔහු විසින් ඇය අපයෝජනයට ලක්කර ඇය සතුව තිබූ රන් මාලයද කොල්ලකා මෙම සැකකරු පළා ගොස් තිබෙන බව පොලීසිය මේ වන විට අනාවරණය කරනවා....

මොරොන්තුඩුව පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑ රන් භාණ්ඩද සොයාගත් බව පොලිසිය පවසන්නේ.... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top