මුහුණු පොතෙන් සොයාගත්, හොරා පොලිස් ප්‍රේමවන්තයාට වැඩ වැරදුණේ මෙහෙමයි..
තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න පොලිස් නිල ඇඳුමත් සෙල්ලමට ගත් අපරාධකරුවෙක් ගැන වාර්තා වෙනවා..
මොහු මෙලෙස තමගේ ඕනෑ එපාකම්වලට කාන්තාවකුත් සෙල්ලමට අරගෙන...
ඇය සම්බාහන මධ්‍යස්ථානයක සේවිකාවක්....
මෙය වාර්තා වෙන්නේ මොරොන්තුඩුව ප්‍රදේශයෙන්....
තමන් පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා බව පවසමින් කාන්තාවක් අපයෝජනයට ලක්කර ඇය සතු රන් භාණ්ඩ කොල්ලකෑ
මෙම පුද්ගලයා මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
මෙලෙස ඔහු අතින් අපයෝජනයට ලක්වූ කාන්තාව සම්භාහන මධ්‍යස්ථානයක රැකියාව කරන අතර මුහුණු පොත හරහා මෙම පුද්ගලයා හඳුනාගෙන තිබෙන බවයි ඇය පොලීසිය පවසා ඇත්තේ....
මොරොන්තුඩුව ප්‍රදේශයේ කාමර කුලියට ලබා දෙන ස්ථානයකට පැමිණීමෙන් අනතුරුව මෙම සැකකරු විසින් තමා පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති බව පවසා රාජකාරි හැඳුනුම්පතක් ද පෙන්වා තිබෙන බව ඇය පවසනවා....
අනතුරුව ඔහු විසින් ඇය අපයෝජනයට ලක්කර ඇය සතුව තිබූ රන් මාලයද කොල්ලකා මෙම සැකකරු පළා ගොස් තිබෙන බව පොලීසිය මේ වන විට අනාවරණය කරනවා....
මොරොන්තුඩුව පොලිසිය විසින් විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑ රන් භාණ්ඩද සොයාගත් බව පොලිසිය පවසන්නේ....