අනියම් පෙමට ජීවිතයෙන් ගෙවූ වන්දිය..
Thursday, 07 September 2023 - 12:35 | Views - 517
අනියම් සබඳතාවක් මුල්කරගෙන ඇති වූ ආරවුලකදී සැමියා පහරදී සිය බිරිඳ නිවසේදීම ඝාතනය කර ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසනවා. ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර, වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නමැති 24 හැවිරිදි එක්දරු මවක්.

සිද්ධිය මෙසේයි...,

ඇය හා සැමියා මහියංගණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව දුරදිග යෑම නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර පසුගියදා (05 )වැනිදා බිරිඳ සමඟ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. එසේ පැමිණ ඇත්තේ , බිරිඳගේ මහගෙදර ට වන අතර මොවුන් පමණක් එහි ජීවත්ව සිට ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙසේ පැමිණි වේලාවේ සිට ඊයේ (6 දා) උදෑසන වනතුරුත් බිරිඳ ඇගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වී ඇති නිසා සැමියා එම දරුවාට කිරි සාදා දුන් බවද , සැකකරු පොලිසියට සඳහා කර තිබෙනවා.

ඒ වන විට , අනියම් සබඳතාව නිසා බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැනගත් සැමියා, ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමේදී සැමියා මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් බිරිඳගේ හිසට පහර දී ඇති බවද සඳහන් වනවා. කෙසේ වෙතත්, එයින් බරපතළ තුවාල ලැබූ බිරිඳ එම ස්ථානයේදී ම මරණයට පත් වී ඇති බවටත් පොලිසිය සඳහන් කළා.

මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ වෙලම්බොඩ පොලිසිය විසින් මෙහෙයවන අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් අදාළ සැකකරු ( 28 හැවිරිදි සැමියා ) නිවසේ රැදී සිට ඇති අතර, එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top