නිවසින් එළියේ නේද ඉන්නේ.. මෙන්න එහෙනම් නවතම දැනුම්දීම
Thursday, 07 September 2023 - 12:12 | Views - 380
නිරිත දිග මෝසම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
අද (07) දිනයේ සහ ඉදිරි පැය 24 තුල මෙම වැසි තත්ත්වය බලපවත්වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, අද දිනය තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 60 යි දශම 5 ලැබී ඇත්තේ වරකාපොල ප්‍රදේශය බවත් සඳහන්.
Share This Article