එන්නතකින් පසු තවත් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට..
එන්නතක් නිසා ඇතිවු සංකූලතා හේතුවෙන් තවත් බිළිඳු දරුවෙකුට දිවි අහිමි වී තිබෙනවා.
මේ අවාසනාවන්ත පුවත වාර්තා වෙන්නේ මාතර වැලිගම ප්‍රදේශයෙන්.
මාස 04 ක් වයසැති කුඩා දරුවෙකුට එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවටයි එම දරුවාගේ මවුපියන් චෝදනා කරන්නේ.
එම දරුවාට එම එන්නත ලබාදී තිබුනේ පසුගිය (02) වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායනයකදීයි.
එන්නත ලබා දීමෙන් පසුවදා දරුවා අධික ලෙස සීතල වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති අතර මරණ පරික්ෂණ වාර්තාවෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.