තම දියණිය සමඟ දුම්රියට පැන සියදිවි හානි කරගත් පියා
Thursday, 07 September 2023 - 9:49 | Views - 550
කන්තලේ - රජඇල ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු තම දියණිය සමඟ සියදිවි හානිකර ගෙන තිබෙනවා.
මේ පිළිබඳව විමර්ශන සිදුකර ඇත්තේ කන්තලේ පොලිසියට ලද තොරතුරක් මතයි.
මියගිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් හා අවුරුදු 06ක දියණියක් වන අතර කන්තලේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු සිත් තැවුලට පත්ව මෙලෙස දියණිය සමඟ සියදිවි නසාගෙන ඇති බවයි.
මේ පිළිබඳව කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article