සම්බාහන මධ්‍යස්ථානයකට ගොඩක් දෙනෙක් යන්නේ තමගේ කායික හෝ මානසික ආතතිය දුරු කරගන්න නේ..
ඒත් සමහරක විට මේ යන ගමන ඔබේ ජීවිතයේ අවසන් ගමන වෙන්නත් පුළුවන්...
මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්...
මේ කතාව ඇහෙන්නේ මීගමුව ප්‍රදේශයෙන්.. මෙලෙස මීගමුවේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගනිමින් සිටි මැදි වයස් පුද්ගලයකු හදිසියේ අසනීප වී මියගොස් තිබෙනවා...
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් පමණ වන පුද්ගලයෙක්....
එසේම, අදාළ සිදුවීම වන අවස්ථාවේ සම්බාහන මධ්‍යස්ථානය තුළ සිටි හිමිකරුගෙන් සහ සම්බාහන සේවිකාවන් තිදෙනාගෙන් ප්‍රකාශයන් ලබා ගත් බවයි පොලිසිය පැවසුවා.....
මෙම මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවටයි වාර්තා වෙන්නේ... මීගමුව මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා....