''බොන්න එපා..බීලා මාව බලන්න එන්නත් එපා..'' දරාගත නොහැකි වූ අනියම් බිරිඳගේ වචන., අන්තිමේ ජීවිතේටත් තිත තියලා..
මේ වගේ කතා මේ රටේ හරි සාමාන්‍යය වෙලා.
මිනිස්සුන්ගෙ හැඟීම්,දැනීම්,ඉවසීම් කියන කරුණු එන්න එන්නම නැත්තටම නැති වෙලා යනවා.
අඩුම තමන් තමන් ගැනවත් නොසිතන කාලයක් උදාවෙලා.
අපි අනුන්ට ආදරය කරන්නත් තමන්ට ආදරය කරලා ඉන්න ඕනි.
මේ කියන්න යන කතාව ඊට හොඳම උදාහරණයක්.
ඔහු පදිංචි වෙලා ඉන්නේ කයිට්ස්,කරම්පන් ප්‍රදේශයේ.
විවාහක පුද්ගලයෙක් වුණ ඔහුගේ බිරිඳ ඉන්නේ විදේශ ගත වෙලා.
ගෙදර අඟහිඟකම් එක්ක තව දුරටත් ලංකාවේ ඉඳලා තේරුමක් නැති බව ඇයට වැටහෙනවා.
එයට උත්තරයක් විදිහට ඇය තම සැමියා එක්ක කතා බහ කරලයි ඇය විදේශ ගත වෙන්නේ.
ඉන් පසුව කතාව වෙනස් වෙනවා.
බිරිඳ විදේශ ගත වුණ පසු සැමියා තමන්ට අසීමිත නිදහසක් ලැබුන බව තේරුම් යනවා.
බිරිඳ නැති පාළුව නැති වෙන්න ඔහු මත්පැන් බීමට ඇබ්බැහි වෙනවා...
ඒ එක්කම තවත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගන්නේ බිරිඳ නැති පාළුව මකා ගන්න වෙන්න පුළුවන්.
කාලයක් යද්දි ඔහු ඇයට තදින්ම ආදරය කරනවා.
ඒ කාන්තාවත් ආදරය කරනවා වෙන්න ඇති.
ඔහුගේ බීමත්කමට ඇය විරුද්ධ වෙනවා.
දවසක් බීමත්ව සිටි ඔහුට අනියම් බිරිඳ බැන වදිනවා.
"කියන එක තේරෙන්නෙ නැත්ද?ඔහොම බොන්න එපා.
බීලා මාව බලන්න එන්නත් එපා,මාව අමතක කරන්න"
තමන් ආදරය කරපු අනියම් බිරිඳගේ මේ වචන ඔහුට දරාගන්න බැරි වෙනවා.
වේදනාවත් හිතේ හංගාගෙන ඔහු නිවසට ගිහින් ඒ වේදනාව නිසාම තීරනයක් ගන්නවා.
ඒ ගෙල වැලලා ගන්න.
අවසානයේ ඔහුගේ දිවිය අවසන් වෙන්නෙ එහෙම.
ඉතින් ඔහුගේ බිරිඳ රන් කහවණු සොයන්න විදේශයකට යන්නේ තමන්ට සහ සැමියාට සැපවත් ජීවිතයක් ගත කරන්න වුණත් අවසානය සිදුවන්නේ මේ ආකාරයට.