
මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල ප්රදේශයේ පදිංචි විදෙස්ගත වන අය දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.
තරුණයා සන්තකයේ තිබී ඉල්ලා ගෙන පලා ගිය බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සිද්ධිය මෙසේයි....
පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර තිබෙනවා.
ඉන් අනතුරුව , මුහුණු පොතේ පළ කර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදී ගැනීමට කැමැත්ත ප්රකාශ කර කලින් කතා කරගත් පරිදි එය මිලදී ගැනීමට ගම්පහ ප්රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිට පසුගියදා පැමිණ තිබෙනවා.
ඉන් අනතුරුව දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් දුරකථනය ඉල්ලා ගෙන තරුණිය පලාගොස් ඇති බවටයි පොලිසියට වාර්තා වී තිබෙන්නේ.
කෙසේ වෙතත්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ගම්පහ පොලිසිය විසින් සිදුකරන බවටයි සඳහන් වන්නේ.
205 Views
100 Views
93 Views
164 Views
81 Views
56 Views
132 Views
217 Views
62 Views
96 Views
160 Views
193 Views
656 Views
81 Views
81 Views
78 Views
75 Views