ඇපල් ෆෝන් එක අරන් පැන්න තරුණිය..
Tuesday, 05 September 2023 - 10:37 | Views - 383

මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වන අය දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

තරුණයා සන්තකයේ තිබී ඉල්ලා ගෙන පලා ගිය බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය මෙසේයි....

පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර තිබෙනවා.

ඉන් අනතුරුව , මුහුණු පොතේ පළ කර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර කලින් කතා කරගත් පරිදි එය මිලදී ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිට පසුගියදා පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් දුරකථනය ඉල්ලා ගෙන තරුණිය පලාගොස් ඇති බවටයි පොලිසියට වාර්තා වී තිබෙන්නේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ගම්පහ පොලිසිය විසින් සිදුකරන බවටයි සඳහන් වන්නේ. 




 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top