උසස් පෙළ හපන්නු ..
Tuesday, 05 September 2023 - 7:50 | Views - 445
UPDATE: ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය හිමි කර ගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂානි මුණසිංහට හැකියාව ලැබී තිබෙනවා.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනී දිල්සරණි තරුෂිකා වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමු ස්ථානය ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බානුල පෙරේරා භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වී තිබෙනවා.

එමෙන්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුචිනි අහිංසා වික්‍රමරත්න තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වී ඇති බවයි වාර්තා වන්නේ.
=====



2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වූවා.

ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද සහභාගී වී තිබෙනවා.

මෙවර විභාගයට මුහුණ දුන් අපේක්ෂකයින්ට ද තම ජාතික හැඳුනුම්පත් අංකය හරහා ද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා.

අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් සපුරා ඇති බවයි වාර්තා වන්නේ.


ප්‍රතිඵල දැන ගැනීමට CLICK කරන්න
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top