විවාහයට පෙර මාසයක් අඬන මනාලියෝ.... බලන්නකෝ එකෙත් හැටි...
මනාලියක් බවට පත්වන බහුතරක් තරුණියන් සිය විවාහ දිනයේ දී කඳුළු සලයි.
ඒ සිය පවුලෙන් වෙන්වීමේ දුක වගේ ම, ආදරණීය සහකරුවා සමඟ එක්වීමේ සතුට ප්රකාශ කිරීමක් ලෙස යි.
චීනයේ ඇතැම් ප්රාන්තවල මනාලියන් කඳුළු සැලීම ආරම්භ කරන්නේ තමන්ගේ විවාහයට මාසයකට පෙර යි.
සෑම දිනක ම පැයක් මෙම “ඇඬීමේ චාරිත්රය” වෙනුවෙන් වෙන් කරන ඔවුන්, පළමු සතිය තනිවත්, දෙවෙනි සතිය සිය මව සමඟත් හැඬිම සිදු කරයි.
තෙවැනි සතියේ දි ඇගේ මිත්තණියත්, සිවු වන සතියේ දී ඇගේ සහෝදරියනුත් මෙම චාරිත්රය වෙනුවෙන් ඇය හා එක්වේ.