උසස් පෙළ ප්‍රතිඵල ගැන - ඉඟියක්
Sunday, 03 September 2023 - 10:54 | Views - 571
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියා.
පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වූවා.
ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද සහභාගී වී තිබෙනවා.
Share This Article