ඉදිරි සති දෙකක කාලය තුළදී සංචාරක පක්ෂින් කිහිපදෙනෙකු මෙරටින් දැකබලා ගැනීමේ හැකියාව පවතින බව පරිසරවේදී ජගත් ගුණවර්ධන පවසනවා.
පසුගිය වර්ෂයේ සංක්රමණික පක්ෂීන් ශ්රී ලංකාව තුළට පැමිණීම අගෝස්තු මාසයේ මුල් සතියේදී ආරම්භ වුවද මෙවර ජුලි මාසයේ මැදභාගයේ සිට එය ආරම්භ වී ඇති බව සඳහන්.
මේ වන විට සංක්රමණික පක්ෂීන්ගේ පැමිණීමේ දෙවන අදියර ආරම්භ වී ඇති අතර ඒ අනුව වැහිලිහිණියා, නිල් කුරුමිණි කුරුල්ලා ආදි පක්ෂීන් දැකබලා ගැනීමට හැකිවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.