කොවිඩ් සෑදුණු රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ඇමරිකානු අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා.
කොවිඩ් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයින් 1,837 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
එම අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ කොවිඩ් රෝගය සෑදුණු රෝගීන්ගේ මොළයේ හෝ පෙනහළුවල රුධිර කැටි ගැසීම් සහ තෙහෙට්ටුව ඇතුළු රෝග ලක්ෂණ මතු විය හැකි බවයි.
එමෙන්ම මෙම රෝගීන්ගෙන් 16% කට අවම වශයෙන් මාස හයක්වත් සිතීම, අවධානය යොමු කිරීම හෝ මතක තබා ගැනීමේ අපහසුතා ඇති බවයි එම අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ.