චීනයට සුළි කුණාටු දෙකක්..
පැයට කිලෝමීටර 200ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව චීනයේ ගුවැන්ඩොන් පළාතට කඩා වැදී තිබෙනවා.
එහි බලපෑමෙන් ෂෙන්සෙන්, මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්වයක් බලපා ඇති අතර ජල ගැලීම් ද වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මෙම සුළි කුණාටුවේ අවදානම හේතුවෙන් හොංකො හි දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කළ අතර, නව වසරේ පාසල් ආරම්භ කිරීමද කල් දමනු ලැබුවා.
සෝලා, 1949 වසරෙන් පසු චීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ප්රබලතම සුළි කුණාටුව බවද සඳහන්.
එමෙන්ම පැයට කිලෝමීටර 160 ක වේගයකින් හමායන යන හයිකුයි සුළි කුණාටුව හෙට වනවිට චීනයේ ෂෙජියැන් පළාතට කඩාවැදීමට නියමිත බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.