ගෑස් මිල සංශෝධනය ලබන සඳුදා..
Saturday, 02 September 2023 - 9:17 | Views - 1,333
මිල සූත්‍රයට අනුව ගෘහස්ථ LP ගෑස් මිල 2023 සැප්තැම්බර් 04 දා සංශෝධනය කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරනවා.

පසුගිය ජූලි මස 04 මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම කටයුතු කළ අතර කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204 න් අඩු වූ අතර ඒ අනුව එහි මිල පැවතුනේ රු. 2982.00ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83න් අඩු වූ අතර ඒ අනුව එහි මිල පැවතුනේ රු. 1198.00ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 37න් අඩු වූ අතර ඒ අනුව එහි මිල පැවතුනේ රු. 561.00 ලෙසයි.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමුවා.

අවසන්වරට ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ, පසුගිය ජුලි මස 4 වනදා යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top