ගෑස් මිල සංශෝධනය ලබන සඳුදා..
Saturday, 02 September 2023 - 9:17 | Views - 1,334
මිල සූත්‍රයට අනුව ගෘහස්ථ LP ගෑස් මිල 2023 සැප්තැම්බර් 04 දා සංශෝධනය කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරනවා.
පසුගිය ජූලි මස 04 මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම කටයුතු කළ අතර කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204 න් අඩු වූ අතර ඒ අනුව එහි මිල පැවතුනේ රු. 2982.00ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 83න් අඩු වූ අතර ඒ අනුව එහි මිල පැවතුනේ රු. 1198.00ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 37න් අඩු වූ අතර ඒ අනුව එහි මිල පැවතුනේ රු. 561.00 ලෙසයි.
මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමුවා.
අවසන්වරට ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ, පසුගිය ජුලි මස 4 වනදා යි.
Share This Article