බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමට තිත !
Friday, 01 September 2023 - 14:50 | Views - 530

බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. (BFP) මුල්‍ය ව්‍යාපාරය කර ගෙන යාමට නිකුත් කර ඇති බලපත්‍රය අද (2023 සැප්තැම්බර් 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. මුල්‍ය සමාගම 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත (FBA) යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්.
හිඟ ප්‍රාග්ධන මට්ටම, දුර්වල වත්කම්වල ගුණාත්මකභාවය සහ අඛණ්ඩව BFPහි මූල්‍ය තත්ත්වය පිරිහෙමින් තිබීම මීට හේතුව බවයි මුදල් මණ්ඩලය සඳහන් කරන්නේ.
බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම මුහුණ දී ඇති බරපතළ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මෙම සමාගම සතුටුදායක ප්‍රගතියක් ලබා ගෙන නැහැ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම සමාගම වෙත කිහිප වතාවක් බලපත්‍රය දීර්ඝ කිරීම් ලබා දුන්න ද, මූල්‍ය ව්‍යාපාර පනතෙහි (FBA) සඳහන් උපදෙස් සහ ඒ යටතේ නිකුත් කර ඇති රීතිවල විධිවිධානවලට අනුකූල වීමට මෙම සමාගම සමත් වී නැහැ.
එමෙන්ම, බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට (Masterplan) අනුකූල වීමට නොහැකි වීම බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම මුහුණ දුන් බරපතළ තත්ත්වයයි.
ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, 2023.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි මූල්‍ය ව්‍යාපාර කරගෙන යාමට FBA යටතේ BFP වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, BFP හට එම දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ව්‍යාපාරවල නිරත වීමට අවසර නැහැ.
Share This Article