මරණින් පස්සේ වෙන්නේ මොනාද ? පළමුවරට අනාවරණය වූ දේ..
Friday, 01 September 2023 - 12:39 | Views - 586
මරණින් පසු ජීවිතයක් ඇති බවට තමන් කිසිදු විවාදයකින් තොරව පිළිගන්නා බව අමෙරිකාවේ කෙන්ටාකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.
30කට ආසන්න භාෂා ප්‍රමාණයක් භාවිත කරන දහස් ගණනක ජනතාව සම්බන්ධව පර්යේෂණ ගණනාවක අත්දැකීම් සම්භාරයක් තුළින් මරණින් මතු ජීවිතයක් ඇති බව කිසිදු සැකයකින් තොරව තමන් පිළිගන්නා බවයි ඔහු සඳහන් කර සිටියේ.
ලොව විවිධ ආගම් සහ ඇදැහිලිවලට සම්බන්ධ පුද්ගලයන් පන්දහසකට වැඩි පිරිසකගේ තොරතුරු එක්රැස් කිරීමෙන් පසු මරණින් මතු ජීවිතය සම්බන්ධව තමා විශ්වාසයකට එළැඹ ඇති බවයි ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර සිටියේ.
මරණාසන්න අත්දැකීම් දහස් ගණනක් අධ්‍යයනය කිරීමෙන් පසු මේ බව සොයා ගෙන ඇති අතර දීප්තිමත් ආලෝකයක් හෝ ආත්මයක් ලෙස සිරුරේ සැරිසරන යම් කිසිවක් ගැන මරණාසන්න පුද්ගලයන් තමාට ප්‍රකාශ කළ බවත්, දශක ගණනාවක් පුරා මෙවැනි සිදුවීම් පර්යේෂණ කිරීමෙන් පසු මරණින් මතු ජීවිතයක් නැති බවට තමා තුළ වූ විශ්වාසයන් උඩුයටිකුරු වී ගිය බවත් ආචාර්ය ජෙෆ්රි ලෝන්ග් සඳහන් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
Share This Article